අප අභිමානය හෙළේ නිධානය දැයේ උදානය වේ
පින්නවල මහා මැදි විදුහල් මව තක්සලාව සම වේ
සිප් නැණ බීජය හදවත වපුරා මල්ඵල ගන්වන්නේ
අද දරුවන් වී හෙට මිනිසුන් වන යහමග පෙන්වන්නේ
සව්සිරියෙන් පිරි අනාගතේ රන් දොරටුව හැර දෙන්නේ
මවුනි ඔබෙනි මුළු ලොවම අභිබවා සිරිලක බැබලෙන්නේ
අප අභිමානය හෙළේ නිධානය දැයේ උදානය වේ
පින්නවල මහා මැදි විදුහල් මව තක්සලාව සම වේ
මේ රට අපේය මේ දැය අපේය හදවත වපුරන්නේ
ගුණදම් අස්වනු ලොවට බෙදා දෙන ගබඩාවක් වැන්නේ
කෑගලු අඹරේ තරු මැද බැබලෙන පුන්සද ඔබ වන්නේ
මවුනි ඔබෙනි මුළු ලොවම අභිබවා සිරිලක බැබලෙන්නේ
අප අභිමානය හෙළේ නිධානය දැයේ උදානය වේ
පින්නවල මහා මැදි විදුහල් මව තක්සලාව සම වේ