නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
ආර්.කේ.මුණසිංහ මහතා
දැනුමෙන්, බුද්ධියෙන්, ශික්ෂණයෙන්, නිර්මාණශීලීත්වයෙන් හෙබි ගුණගරුක අභිමානනීය පුරවැසියකු ලොවට දායාද කිරීම පින්නවල මධ්‍ය මහා විද්‍යාලයේ දැක්මයි. සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පමණක් නොව ශ්‍රී ලංකාවේ ම විශිෂ්ට අධ්‍යාපන තක්ලාසවක් වශයෙන් පින්නවල මධ්‍ය මහා විද්‍යාලය හැදින්විය හැක.
ප්‍රෞඪ ඉතිහාසයක් හා අභිමානවත් වර්තමානයකට හිමිකම් කියන අප පාසල අ.පො.ස. සාමාන්‍ය පෙළ ශ්‍රේණිගත කිරීම් අනුව දිවයිනේ නව වන ස්ථානය ලැබීම පාසල ලැබූ විශිෂ්ට ජයග්‍රහණයකි. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශයක වාර්ෂිකව විශ්ව විද්‍යාල පද්ධතියට තුන්සිය පනහකට අධික සිසුන් පිරිසක් දායාද කරන එකම පාසලද වන්නේය.
විෂයානුබද්ධ කටයුතු මෙන්ම විෂයසමගාමී, විෂය බාහිර කටයුතු වලදී ද විශිෂ්ටත්වයට පත් වීමට හැකි වීම ගැන ඇත්තේ නිහතමානී ආඩම්බරයකි. අතීතයේදී පාසල තුළින් බිහිවූ වෘත්තිකයන් විශාල පිරිසක් රට පුරා මෙන්ම ලෝකය පුරා විවිධ ක්ෂේත්‍රයන්ගෙන් කටයුතු කරමින් සිටීම පාසල් මාතාවන්ට ගෞරවයකි.
ශීඝ්‍රයෙන් දියුණු කරා හිස ඔසවන ලෝකයේ අනාගත අභියෝග ජයගත හැකි විද්‍යාත්මක දැනුමෙන් සන්නද්ධව නව ඇසකින් ලෝකය දකින්නට දූ දරුවන් දරන උත්සාහයට සුබපතමි. තොරතුරු සන්නිවේදන තාක්ෂණය මිනිසාගේ සෑම කටයුත්තකදීම අත්‍යවශ්‍ය මෙවලමක් වී හමාරය. එහිලා තවත් පියවරක් ඉදිරියට තබන විද්‍යාලයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණය අංශයටද සුභ පතමි. හෙටදින ක්‍රියාකාරී වැඩ ලෝකයට විශ්වීය ප්‍රවේශයකින් අනුගතවීමට දුවාදරුවන් දරන උත්සාහය අගය කරමි.
ආර්.කේ.මුණසිංහ මහතා
නියෝජ්‍ය විදුහල්පති
පින්නවල මධ්‍ය මහා විද්‍යාලය.






