විදුහල්පති පණිවිඩය
චාන්දනී විජේවර්ධන මහත්මිය
පින්නවල මධ්‍ය මහා විද්‍යාලයට ප්‍රෞඩ ඉතිහාසයක් ඇත. කෑගලු අඹරේ දිදුලනම තරුව අප පාසලයි. 2020 වන විට ලංකාවේ පාසල් විසිදහසක් අතරින් නව වන ස්ථානය දිනා ගැනීමට සමත්ව ඇත.
පාසලේ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව තුන් දාහකට ආසන්න වන අතර අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය 225කි. භෞතික සම්පත් වලින් අංගසම්පූර්ණ වන අතර පන්ති පරාසය 6-13 වේ. එහි විද්‍යා, ගණිත, වාණිජ, කලා හා තාක්ෂණ විෂය ධාරාවන් ක්‍රියාත්මක වේ.
පාසල තුළ විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම් රාශියක් ක්‍රියාත්මක වේ. අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය 100%. අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵලය 85% ක් වන අතර විශ්වවිද්‍යාල ප්‍රවේශය 63% කි.
ප්‍රෞඩ ඉතිහාසයක් ඇති මෙම පාසලෙන් විශ්වවිද්‍යාල මහාචාර්යවරු, වෛද්‍යවරුන්, ලොව ප්‍රවීණ විද්‍යාඥයන්, ඉංජිනේරුවරුන්, ව්‍යාපාරිකයන් හා ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීන් හා විවිධ වෘත්තිකයන් බිහි කර ඇත.
අප විද්‍යාලයේ මූලික පරමාර්ථය වන්නේ දැනුමෙන්, බුද්ධියෙන්, ශික්ෂණයෙන් පිරිපුන් අභිමානවත් නිර්මාණාත්මක දරුවෙක් පාසලෙන් බිහි කිරීමයි. මට පාසල් දැක්ම කර ළඟාවීම සඳහා පාසලේ කාර්ය මණ්ඩලය දක්වන්නාවූ කැපවීම අගය කරන අතර නිර්මාණශීලී දරු පරපුරක් පාසල තුළ සිටීම මහත් ආඩම්බරයකි.
දරුවන්, කාර්ය මණ්ඩලය, හා දෙමාපියන් පාසල අඹරේ දිදුලන තරු බවට ඔසවා තැබීමට ගන්නා උත්සාහය අගය කරමි.
චාන්දනී විජේවර්ධන මහත්මිය
විදුහල්පතිනිය
පින්නවල මධ්‍ය මහා විද්‍යාලය.






