මෙවර, එනම් 2022 වසරේ පැවති ජනාධිපති බාලදක්ශයන් තෝරාගැනීමේ වැඩසටහනින්
අප පාසලේ දක්ශ මෙන්ම තීක්ෂණ බුද්ධියෙන් යුතු බාලදක්ශයන් 5 දෙනෙකු තෝරාගෙන ඇති බව සදහන් කළ යුතුය. මෙය අප පාසලට ලැබුණු විජයග්‍රහනයක් ලෙසද හැදින්විය හැකි අතර අප පාසලේ අනෙකුත් බාලදක්ශයන්ටද එය ඉමහත් ආදර්ශයක් වනු ඇත. තම බාලදක්ශ ජීවිතයේදී බාලදක්ශයෙකුට ලැබිය හැකි උපරිම මෙන්ම ගෞරවනීයම සම්මානය ජනාධිපති බාලදක්ශයෙකු වීම වන අතර අප පාසලේ බාලදක්ශයන් පස් දෙනෙකුටම එම ගෞරවය ලැබීම ඉමහත් සතුටට කරුණකි.






